දැනට අප රටේ සිටින අඩු ආදායම් ලාභී පවුල්වල නිවාස සඳහා නොමිලයේ සූර්ය බල විදුලි උත්පාදක යන්ත්‍ර කට්ටල නොමිලයේ ලබා දීමට වැඩ පිළිවෙළක් කඩිනමින් සකසන්නැයි ඊයේ (17) පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති, ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
විශේෂයෙන් මෙම අඩු ආදායම්ලාභී පවුල් සඳහා ඉන්දියානු සහන ණය වැඩ පිළිවෙළ මගින් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජයේ සහයෝගය ද පළ වී තිබේ.
අඩු ආදායම්ලාභී පවුල්වලට දැනට ලබා දී ඇති විදුලි සම්බන්ධතාවලට ඔවුන්ට මාසිකව විදුලි ගාස්තුවක් ගෙවීමට සිදුවන අතර මෙම වැඩ පිළිවෙළ යටතේ ඔවුන්ට නොමිලයේම විදුලිය ලබා දීම අරමුණ වේ.
රට තුළ දැනට විදුලිය සැපයුම් පහසුකම් නොමැතිව සිටින සමස්ත පවුල් ගණන 12,500ක් වන අතර එම පවුල් ද ඇතුළත්ව අඩු ආදායම්ලාභි සියලුම පවුල් සඳහා නොමිලයේ සුර්ය බල විදුලි උත්පාදක කට්ටල ලබා දීමට පියවර ගැනීමට නියමිතය.
ඊයේ (17) පස්වරුවේ විදුලි බල මණ්ඩලයේ නිලධාරින් සමග සාකච්ඡා කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම වැඩ පිළිවෙළ කඩිනමින් ආරම්භ කිරීම ජනාධිපතිවරයා අපේක්ෂාව වන බැවින් ඒ් සඳහා පියවර ගන්නැයි ලංකා විදුලි බල මණ්ඩලයට හා අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මියට උපදෙස් දුන්නේය.
දැනට සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 17ක් පමණ සිටින බැවින් එම පිරිස ද මෙම වැඩ පිළිවෙළට ඇතුළත් කර ගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.