අඩි 30ක වළක් හාරා කරන්නට ගිය දේ
පොළොන්නරුව නවනගරය ප්‍රදේශයේ නිවසක නිදන් ඇතැයි කාමරයක් තුළ අඩි 30ක් යට කැණිම් කරමින් නිදන් ගැනිමට තැත්කල පිරිසක් ඊයේ (14) දින පස්වරුවේ දි එම නිවස හිමිකරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු හා කැණිම් කරන ලද උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පුරාවිද්‍යා පොලිස් වැටලිම් එකකය කියයි.
මෙසේ කැණිම් කර ඇත්තේ පොළොන්නරුව නවනගරයේ අංක 168 ග්‍රාමසේවක වසමේ නිවසක් තුළ බව පොලීසිය පවසයි.
මෙම වැටලිම සිදුකර ඇත්තේ ඊයේ දහවල් පොළොන්නරුව පොලීසියට ලද තොරතුරක් මත මෙම ලිපිනය සොයා ගොස් පරික්ෂාවට ලක් කළ අවස්ථාවේ දි එහි කැණිම් කරමින් සිටි නිවස හිමි පුද්ගලයා සහ එම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයින් තිදෙනෙක් එහි සිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කැණිම සිදු කර ඇත්තේ නිවස නොපෙනෙන ලෙස ලෑලිවලින් ආවරණය කර දමා අඩි 12×12 ප්‍රමාණයේ කාමරක් තුළ අඩි 30ක් පමණ වළක් ඉතා සුක්ෂම ලෙස කැණිම් කරමින් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් උපකරණ අතර වතුර මෝටර් එකක් , විදුලිය භාවිතා කර කෑණිම් කරන යන්ත්‍රයක් , කුළුගෙඩි , යකඩ ඉණි සහ පුජා භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් නිවසේ හිමිකරුගෙන් පොලීසිය කළ ප්‍රශ්න කිරිම් හමුවේ ඔහු පවසා ඇත්තේ නිවස තුළ නිදානයක් ඇති බවට දේවාලයකින් කියු නිසා එය ලබා ගැනිමට කැණිම් කළ බවයි.
අත්අඩංගුවට පත් පුද්ගලයින් සහ උපකරණ අධිකරණ කටයුතු සිදු කිරිම සඳහා පොළොන්නරුව පොලීසියට භාර දුන් බව පොළොන්නරුව පුරාවිද්‍යා පොලිස් වැටලිම් එකකය නිලධාරින් පැවැසුහ.


popular news
-
Kumar Thursday, 15 August 2019 08:57 PM
ලංකාවේ තිබෙන්නේ අමුතු නීති. තමාගේ නිවාස තුල වලක් හැරීම දණ්ඩන නීති සංග්‍රහය අනුව දඬුවම් ලැබිය හැකි වරදක්ද. මෙරටේ නම් කාටවත් හිරිහැරයක් නොවන ආකාරයට තමන්ගේ නිවාසය යට තිබුන නිදානයක් හාරලා ගත් විට ඒක අයිති වෙන්නේ ගේ හිමියටයි. ඒ ලැබුන දෙය විකුණුවොත් රජයට බදු ගෙවන්න වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

