අඟුරුවාතොට දි මනුෂ්‍ය ඝාතනයක්
අඟුරුවාතොට සිදුවූ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් සැඟව සිටි සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 36 හැවිරිදි දෙදරු පියෙකි.
ඊයේ (30) රාත්‍රී කාලයේදී අදාළ නිවසට පැමිණ ඇති සැකකරු එහි සිටි බිරිඳගේ මවට සහ පියාට පොල්ලකින් සහ දියුණු ආයුධයකින් පහරදී තිබුණි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 58 හැවිරිදි කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇත.
කලුහේන ගල්පාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ සැකකරු තෙබුවන ගල්පාත ප්‍රදේශයේ පාළු දෙමහල් නිවසක සැඟව සිටියදී අද (31) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ දියණිය සමග සැකකරු විවාහ වී තෙබුවන ප්‍රදේශයේ ජීවත්ව ඇති අතර ඔවුන් අතර නිතර පවුල් ආරවුල් ඇතිවන හෙයින් මියගිය කාන්තාව විසින් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබූ බව පොලීසිය පවසයි.
ඝාතනයට හේතුව පොලීසියට පැමිණිලි කිරීම බවට සැක කෙරේ.
පවුල් ආරවුලක් හේතුවෙන් බිරිඳ සිය තුන් හැවිරිදි සහ 10 හැවිරිදි දියණියන් දෙදෙනා සමග නිවසෙන් පිටව ගොස් තිබූ බවද පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

