ආඝාත රෝගයෙන් ශ්‍රී ලංකා වාසින් මුදාගැන්ම වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමය ගෙනයන වැඩපිළිවෙළ සමග අත්වැල් බැඳගන්නට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රෝෂාන් මහනාම හා චමින්ද වාස් එක්වෙති.
සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිතයේ කෙදිනක හෝ ආඝාතට ගොදුරු වීමේ අවධානමක් ඇති අතර එය වැඩිහිටියන් දුබලකරන ප්‍රධාන රෝගය බවට පත්ව තිබේ.
මොළයේ එක් ප්‍රදේශයකට හදිසියේ රැධිර සැපැයුම අඩාලවීමෙන් ඇතිවන මෙම රෝගය ලෝකයේ මිනිසුන් මරණයට පත්වන රෝග අතරින් දෙවන ස්ථානය ගනී.
ආඝාත රෝගයට ගොදුරුවන්නන්ගෙන් සියයට අනූවකට වැඩි පිරිසකටම එය වලක්වා ගැනීමට පිළිපැදිය හැකි කාරණා 10ක් පවතින බැවින් ඒ් පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව මතුව තිබේ.
මෙම කාරණා පෙරදැරිව ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමය විසින් ගෙන යනු ලබන වැඩ පිළිවලට සහය දැක්වීමට රොශාන් මහනාම හා චමින්ද වාස් යන ක්‍රීඩකයින් දෙපළ අත්වැල් බැදගත් බව අද (07දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔවුන් පවසා සිටියේය.
මෙහිදී මෙරට ආඝාත රෝගයේ තත්ත්වය පිළිබඳ පැහැදිලි කළ ස්නායුරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළේ ආඝාත රෝගයට ගොදුරුවන අයගෙන් බහුතරය පිරිමි අය වන බවත් එම රෝගින්ගෙන් සියයට තිහක්ම දුම්පානය කරන බවත්ය.
