අග්නිදිග ,රජරට සරසවි සිසුන් වෙනුවෙන් පේරාදෙණියේ සිසුහු විදී බසිති
රජරට සහ අග්නිදිග විශ්ව විද්‍යාල වල සිදුකෙරෙන ශිෂ්‍ය මර්දනයට විරෝධය පළ කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද ගලහ හන්දිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වු අතර සිසුන් මර්දනය ත්රීව්ර කරනවානම් ඒ සඳහා සිසුන් වශයෙන් ගන්නා ක්‍රියාමාර්ග ද ත්රීව්ර කිරීමට කටයුතු කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නලින් දිසානායක සිසුවා පවසය
සිසු මර්දනය තුරන් කිරීමට නොව සිසු මර්දනය තව තවත් වැඩි කිරීම සඳහා විශ්වවිද්‍යාල පරිපාලනය ක්‍රියා කරමින් රජරට සහ අග්නිදිග විශ්ව විද්‍යාල වල පමණක් නොව පේරාදෙණිය ඇතුළුව සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ක්‍රියාකාරී ශිෂ්‍ය නායකයන් මර්දනය කිරීම සඳහා බලධාරීන් විසින් උත්සාහ කරන බව විරෝධතාවයට එක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නලින් දිසානායක සිසුවා ප්‍රකාශ කළේය.
අග්නිදිග, රජරට සිසුන් වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ලිහිල් නොකරන්නේ නම් දෙසැම්බර් මස මුලදී අපි කොළඹදී දැවැන්ත විරෝධතාවක් පවත්වන බවද නලින් දිසානායක සිසුවා එහිදි සදහන් කළේය.
චමිල් රූපසිංහ


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
