එක්සත් ජනපදය පුරා ගෙවීගිය සිකුරාදා දිනයේදී නව කොවිඩ්-19 ආසාදිතයන් 55,054ක් වාර්තා කර ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පවසය්.
එක්සත් ජනපදය පැය 24 ක් තුළ නව ආසාදිතයන් 64,350ක් වාර්තා කළ අගෝස්තු 14න් පසු වැඩිම දෛනික ආසාදන වාර්තා කළ දිනය මෙයයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයෙහි දත්තවලට අනුව, පසුගිය සතිය තුළ එක්සත් ජනපදයේ වාර්තා වූ නව ආසාදිතයන්ගේ දින හතේ සාමාන්‍ය අගය 44,111කි.
මේ වනවිට එක්සත් ජනපදය තුළ වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 7,077,450ක් වන අතර, මරණ සංඛ්‍යාව 204,486කි.