අගරඳගුරුතුමන්ගේ ඉල්ලීම තම රජයකදි අනිවාර්යයෙන් ඉටු කරන බවට ගෝඨාගෙන් සහතිකයක්
කතෝලික රදගුරු මණ්ඩලය සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් 2019 අප්‍රෙල් 21 වැනිදා පාස්කු ඉරිදා සිදුවූ ව්‍යසනය සම්බන්ධයෙන් නිකුත්කර තිබූ නිවේදනය කෙරෙහි තමාගේ අවධානය යොමු කළ බව පවසා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර ඇත.
මුළු රටම කම්පනයට පත් කරමින් අහිංසක ජනතාව මරුමුවට හා අතිබිහිසුණු ලෙස තුවාල සිදු කරමින් පාස්කු ඉරිදා සිදුවූ මෙම කුරිරු ත්‍රස්ත ප්‍රහාරය නිසා මිය ගිය අයගේ ඥාතීන් සහ පීඩනයට පත්වී ඇති ජනතාවගේ ඉල්ලීම තවමත් ඉටු නොවීම නිසා උන්වහන්සේ පත්වී ඇති අපහසුතාව සහ පීඩනය තමනට තේරුම් ගත හැකි බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.
අගරදගුරු හිමිපාණන් සිය නිවේදනය මගින් ඉල්ලා සිටිනුයේ මෙම ප්‍රහාරය පිටුපස සිටි සහ ඒ සඳහා කුමන්ත්‍රණය කළ අය, සංවිධානය කළ අය, ඊට අනුග්‍රහය දැක්වූ අය, වගකීම් පැහැර හැර සිය රාජකාරිය ඉටු නොකළ අය, සැකකරුවන් අත්අඩංගුවට නොගෙන හෝ ගෙන නිදහස් කළ අය, සෙවීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සහ වැරැදිකරුවන් වන අය නීතියේ අධිපත්‍යයේ යටතට ගෙනඒමට බලයත් ජනතා අධිකාරී බලයක් ඇති ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන ලෙසයි.
අගරදගුරු හිමිපාණන් මෙම ඉල්ලීම කරනු ලබන්නේ පීඩනයට පත් සිය කතෝලික ජනතාව සම්බන්ධයෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ හිත සුව පිණිස බව තමන් තරයේ විශ්වාස කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
එපමණක් නොව මෙවැනි ව්‍යසනයක් ඉදිරියේදී ඇති නොවීමට වගබලා ගන්නා ලෙසද අගරදගුරු හිමිපාණන් මෙම ඉල්ලීම මගින් අවධාරණය කර තිබේ.
රට තුළ තිබූ අවුරුදු 30ක කුරිරු ත්‍රස්තවාදය අවුරුදු 3ක් තුළ අවසන් කිරීමට මූලිකවම දායක වූ තමන් ද මෙම කරුණ හොඳින් වටහා ගෙන ඇති අතර රජයෙන් ඉල්ලා සිටිනු ලබන්නේ අතිඋතුම් කාදිනල් හිමිපාණන් විසින් කලක් තිස්සේ කරනු ලබන මෙම සාධාරණ ඉල්ලීම ඉටු කරන ලෙස බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවේදනයේ සඳහන් කර ඇත.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ එක්ව ක්‍රියාකර කුරිරු ත්‍රස්තවාදය පරාජය කරමින් රටේ ජනතාවට බියෙන් සැකෙන් තොර නිදහසේ ජීවත්වීමේ අවස්ථාව සලසාදීමට හැකි වූ බව රටේ ජනතාව හොඳින්ම දන්නා කරුණකි.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන ලෙස කර ඇති සාධාරණ ඉල්ලීම ඉදිරියේදී සිය රජයක් බලයට පත්වූ විට නොපමාව ඉටු කිරීමට පමණක් නොව මේ රටේ සමස්ථ ජනතාවටම ත්‍රස්තවාදයෙන් හා අන්තවාදයෙන් තොර රටක් තුළ බිය සැක නොමැතිව නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබා දෙන බවද ඉඳුරාම ප්‍රකාශ කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

popular news
-
lion Monday, 26 August 2019 04:23 AM
මෙය දැන් මහා කාරුණික වෙලා. ඕගොල්ලොන්ට බලය ගන්නකන් පමණි ඔය බොරු ටෝක්ස්.ඔයාගේ අතීත හැසිරීම් අපට අමතක වෙලා නැ මහත්තයෝ.
Reply : 0 0
chris Monday, 26 August 2019 04:54 AM
ඒවා විසදුවත් නැතත් කදිනල්ට ප්‍රශ්නයක් නැහැ ,එයාට ඕනේ රාජපක්ෂලා බලයට එන්න
Reply : 0 0
chris Monday, 26 August 2019 07:48 AM
ඔබ තුමා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කොට අපේ තාත්තත් අතුරු දහන් උනා ඒ ගැනත් හොයා බලනවද ?
Reply : 0 0
chris Monday, 26 August 2019 07:55 AM
අගරද ගුරු තුමනි ගෝටභය ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කොට අපේ තාත්තත් සුදු වැන් එකක් ඇවිල්ල අරගන ගියා තාම ගෙදර අවේ නැහැ ,ඒ ගැනත් හොයල බලන්න කියනවද ?
Reply : 0 0
Chathuri Tuesday, 27 August 2019 02:52 AM
ඉල්ලීම් ඉටුකරනවා වෙනුවට කාදිනල් තුමාටත් වෙන්නේ මෙයා බලයට ආපුවම , මද්‍ය වේදීන්ට වුනදේ තමයි , වතුර ඉල්ලපු මනුස්සයට වතුර වෙනුවට දුන්නේ ,වෙඩිපහර. ආරක්ෂක ඇමතිකම මල්ලි ජනාදිපති වුන නිසා දුන්නා නැතිනම් මොන සුදුසු කමවත් නැහැ. නිලයක් දරන්න වැඩ කරලා පුරුද්දක් නැති නිසා තමයි ,රැදවියන් මැරුවා , වෙදිතිබ්බ පැහැර ගැනීම් කෙරුවා , මේ නායකයෙක් කරන දේවල්ද . ඉගෙනීමක් අවුරුදු 16 පිරිමි ළමෙක් වගේ , අයියල. මල්ලිලට ,උඋන්ගේ. ගෑනුන්ට බලය ලැබුණ කියන්නේ වදුරට දැලි පිහිය ලබුනවගේ , කට්ටියම රජයේ දේවල් වලින්. සෙල්ලම් ගෙවල් වගේ. පාවිච්චි කෙරුවේ , දුප්පතාගේ මුදල් වලින් දෙමව්පියන්ගේ සොහොන. හදපු කට්ටියනේ. ලැජ්ජයි ,මරු පුත්තු , ඒවා. සමරන්න දිනත් දාගෙන හික් ,,,හික්,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

