අගමැතිගේ ලිච්ඡවී කථාවට ජනපතිගෙන් පිළිතුරු
ලෝකයේ කිසිම රටක මේ වන ලිච්ඡවී පාලනයක් නොමැති බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.ඊයේ (18දා) හඟුරන්කෙත පැවැති ආගමික උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පසුගියදා මිහින්තලයේදී ප්රකාශ කළේ වත්මන් රජය ලිච්ඡවී මූලධර්ම අනුව රට පාලනය කරන බවයි.
“මිහින්තලේ පැත්තට ගිය ආණ්ඩුවේ ලොකු නායකයෙක් ප්රකාශයක් කරලා තිබුණා මේ ආණ්ඩුවේ වැඩ කරන අය මෙම නෙමෙයි ඒ ගොල්ලෝ වැඩ කරන්නේ ලිච්ඡවී රජ දරුවන්ගේ උපදෙස් අනුවයි කියලා.
ලිච්ඡවී රජ දරුවෝ ජීවත්වෙලා හිටියනම් ඒ කථාවට සියදිවි නසා ගන්නවා. ඒ මොකද ඒ විදිහටයි වැඩ කරන්නේ කියලා තිබුණාම. ලිච්ඡවී රජ දරුවෝ, ලිච්ඡවී රාජ්ය ප්රතිපත්තිය මොකක්ද කියලා කියනවනම් ඔබ වහන්සේලා ඇතුළු දන්න උදවිය දන්නවා ලිච්ජවී රාජ්ය පාලනය හා අද අපේ රාජ්ය පාලනය අතර තිබෙන වෙනස කොච්චරද කියලා.
ඒ නිසා අපිට ඉතා හොඳයි ලිච්ඡවී පාලනයක් තිබෙනවානම් නමුත් අද ලෝකයේ කිසිම රටක ලිචිජවී පාලනයක් අනුව කරන රාජ්ය පාලනයක් කොහෙවත් නෑ.”

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

