අගමැති ජනපති වඩිවේල්ට දුන් පොරොන්දුව
වතුකම්කරු දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමේ යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහයෝගය ලැබී ඇතැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා සඳහන් කළේය.
එබැවින් වතුකම්කරුවන්ට රුපියල් දහසක් ලබාදීමේ තීරණය ගැනීමට අනිද්දා (01දා) සියලු වතු සමාගම් බලධාරීන් සමග සාකච්ඡා කරන බවත් හෙතෙම පවසා සිටියේය.
රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු සිදු කරන පළමු කටයුත්ත ලෙස මෙය සිදු කරන බවත්, වතුවල දුක්විඳින ජනතාවගේ දෛනික වැටුප රුපියල් දහසක් කිරීමේ සටන ජයග්‍රහණයකින් කෙළවර කරන බවත් ඒ මහතා පැවසීය.

popular news
-
Champa Tuesday, 30 October 2018 07:31 PM
වතුකරේට වෙනම පාලනයක් පොරොන්දු වුනාද නැත්ද?
Reply : 0 0
Mkk hari Tuesday, 30 October 2018 08:04 PM
මෙයාට අම්මා උගන්නපු කලගුණ සැලකන විදිය මේකද දන්නේ නෑනේ ? අපහාස නඩු කාටද දැන් දාන්නේ ?
Reply : 0 0
rocky Wednesday, 31 October 2018 08:07 AM
වෙන මොනවත් දුන්නෙම නැද්ද? අනිත් පැත්තෙන් තව ටිකක් වැඩියෙන් දුන්නොත් යනවද ඒ පැත්තට? නරකද ඩීල් එකක් දාල බැලුවොත් ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

