අගමැති අපේක්ෂක ලෙස සජිත් නම් කිරීමට ඉල්ලීම්
මහමැතිවරණයක් පැවැත්වීමට ශ්රේෂ්ධාධිකරණයේ අවසරය හිමි වුවහොත් පුළුල් ප්රජාතන්ත්රවාදී පෙරමුණක් ලෙස එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ රැසක් මහමැතිවරණයට ඉදිරිපත්වන බවත් 'අද'ට වාර්තාවෙයි.
මැතිවරණය මෙහෙයවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් හා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයින්ගෙන් යුත් නායකත්ව මණ්ඩලයක් මගින් සිදුකිරීම සුදුසු බවත් යෝජනා වී තිබේ.
මේ අතර, එක්සත් ජාතික පෙරමුණේ අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාඉදිරිපත්කිරීම වඩාත් සුදුසු බවට පක්ෂයට විවිධ ඉල්ලීම් ලැබෙමින් පවතින බවත් 'අද'ට වාර්තාවෙයි.
මේ අතර ඊයේ (11දා) කළුතරදී පැවැති ජනතා උද්ඝෝෂණයකට එක්වෙමින් හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ රැසක් පෙරමුණක් ලෙස මහමැතිවරණයට ඉදිරිපත්වන බවත්, ඒ අනුවසජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙස නම්කරන බවත්ය.

popular news
-
Kasthuri Monday, 12 November 2018 09:57 AM
පාර්ලිමේන්තුව විසිරවීම පිටුපස සජිත් ඉන්න බව දැන් පැහැදිළියි.
Reply : 6 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

