රට සුරකින හා රට නංවන පුළුල් සන්ධානය පිහිටුවීම පිළිබඳ මෙතෙක් පැවතී සාකච්ඡාවන්හිදී නව යෝජනා ගණනාවක් ඉදිරිපත් වු බැවින් , ඒ අදහස් පිළිබඳව සියලු පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවට ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් අද දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලේකම්වරයා මේ බව සඳහන් කර තිබේ.
අදාළ සාකච්ඡාවන් නිම වන තුරු සන්ධානය සඳහා අත්සන් තැබීම කල් දැමිය යුතු බවට ද එකඟත්වයකට එළැඹි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම පුළුල් සන්ධානය ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් බවත් සියලු අදහස් පිළිබඳව එකඟත්වයකට පැමිණෙන තුරු සන්ධානය පිහිටුවීම කල් දැමීමේ තීරණය ඔස්සේ ද පෙන්වා දී ඇත්තේ මේ සන්ධානය තුළ ක්‍රියාත්මකවන ප්රජාතන්ත්රවාදී ගුණය බව ද පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදි පෙන්වා දි තිබේ .
