ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ ඉරියව්ව නැවතත් සැකසහිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරම්න් පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ලේ පැවැති පළමු තරගයෙන් අනතුරුව අකිලගේ පන්දු යැවීම සැකසහිත බවට තරග නිලධාරින් විසින් සඳහන් කර තිබේ.
ඔහුට අමතරව එම තරගයේදී පන්දුවාර කිහිපයක් යොමුකළ නවසීලන්ත නායක කේන් විලියම්සන්ගේ ඉරියව්වද සැකසහිත බවට තරග නිලධාරීන් පැමිණිලි කර තිබේ.
ඒ අනුව අකිල හා විලියම්සන්ට දින 14ක් ඇතුළත තම පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව අයි.සි.සී. පරික්ෂණකට පෙනී සිටීමට සිදුවනු ඇත.
කෙසේ වෙතත් එම පරික්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන්ට ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීමට අවස්ථාව ලැබෙයි.