කොටි ත්‍රස්තවාදය පරාජයට පත්කළ මානුෂීය මෙහෙයුම අවසන් කාලසීමාවේ ජීවත්ව සිටි හිටපු එල්.ටී.ටී.ඊ. තරුණියක අත්දුටු සිදුවීම් රැගත් 'අවසන් අදියරය' (The Last Phase) නමැති වාර්තා චිත්‍රපටය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී තිරගත කර තිබේ.
මෙම චිත්‍රපටය තිරගත කිරීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සභාපති නෙස්බි සාමිවරයා මූලිකත්වය ගෙන ඇති අතර, එම චිත්‍රපට දර්ශනයට සහ සාකච්ඡාවට මන්ත්‍රීවරුන් සහ විශේෂ අමුතන් රැසක් සහභාගි වූ බව පැවසෙයි. එමෙන්ම, කොන්සවටිව් පක්ෂයේ ශ්‍රී ලංකා මිතුරු සංවිධානයේ සහයෝගයද මීට ලැබී තිබේ.
වාර්තා චිත්‍රපටයේ දිගහැරෙන හිටපු කොටි සාමාජිකාව එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පවත්වාගෙන ගිය සෙන්චෝලෙයි ළමා නිවාසයේ හැදී වැඩුණු ජයවර්ධනීය. කොටි සාමාජිකාවන්ගේ ජීවිතය වටා ගෙතී ඇති මෙම වාර්තා චිත්‍රපටය ත්රස්තවාදයේ සැබෑ යථාර්ථය ලොවට හෙළි කරන්නකි.
ශ්‍රී ලංකාවේ ත්රස්තවාදයේ සැබෑ මුහුණුවර පිළිබඳව මෙන්ම, එම බියකරු කාලසීමාව අවසන් කිරීමේ මානුෂීය මෙහෙයුම පිළිබඳව ඔප්පු කළ හැකි සත්‍ය තොරතුරු ගෙනහැර දක්වන, අපක්ෂපාතී ස්වාධීන කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කළ වාර්තා චිත්‍රපටයක් ඉදිරිපත් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය බවද කියැවෙයි.
මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තන් වශයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරින් දොස්තර ක්‍රිස් නෝනිස්, සහකාර මහා කොමසාරිස් නෙවිල් ද සිල්වා සහ තානාපති නිලධාරීන්ද මේ අවස්ථාවට සහභාගි වී තිබේ.