ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් වෙනත් පෙරමුණකින් කටයුතු කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගයක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් වෙනත් පෙරමුණකින් කටයුතු කිරීම එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් වී තිබෙන බවත්, එය මැයි දිනයේදී කැම්බල් පිටියට පැමිණි ජනතාවට වඩා ගාල්ල හා කිරුළපනට පැමිණි ජනතාවගේ ප්‍රමාණය වැඩි බවට ඔප්පු කළ බවද පවසා සිටියේය.
මේ ආකාරයට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් පසුගියදා බදුල්ලේදී රැස්වීම් දෙකක් පැවැත්වූ බවත්, එහිදී ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාල ද සිල්වා හා චාමර සම්පත්ලා නොමැතිව පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම පැවැත්වූ රැස්වීමට විශාල පිරිසක් සහභාගී වූ බවද කියා සිටියේය.
එම ප්‍රමාණය එක්සත් ජාතික පක්ෂය පැවැත්වූ රැළියට සහභාගී වූ ජනතා ප්‍රමාණයට වඩා වැඩි බවද අමාත්‍යවරයා අද (07දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.