ශ්‍රී ලංකා නිදස් පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ කරන්නේ අභ්‍යන්තර ත්රස්තවාදීන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායකඅමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. අද ( 21දා) අත්තතනගල්ල දිවිනැඟුම සංවර්ධන නිලධාරීන් සහ දිවි නැඟුම කළමණාකරුවන් අතර අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති හමුවකින් අනතුරුව ඔහු මෙම අදහස් දැක්වීය.
"අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අපිට ආණ්ඩුවක් හදන්න පුළුවන් අපේ අභ්‍යන්තරයේ ත්‍රස්තවාදියෝ නැත්නම්. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන ත්‍රස්තවාදියෝ ඉන්නේ පක්ෂයේ ඇතුළෙමයි. පිටත නෙමෙයි. ඒක තමයි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනාශය. ඒ ත්‍රස්තවාදියෝ අද අත ලකුණ ගැන කථා කරන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන අයට අත ලකුණ ගැන කථා කරන්න ඕන. අවාසනාවකට වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කණ්ඩායම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කඩලා, එක්සත් ජාතික පක්ෂයට බලය ලබා දෙන්න කටයුතු කරනවා. මේ තත්ත්වය අපි ඉතාමත් බුද්ධිමත්ව වටහා ගත් යුතුයි. ඒ අනුව අපි ක්‍රියාත්මක විය යුතුයි" යැයි පැවසූ අර්ජුන රණතුංග අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේය.