SL vs Eng Live ශ්රී ලංකාව 453ට දැවි යයි
(UPDATE) 5.27 P M- එංගලන්ත පළමු ඉනිමට ප්රතිචාර වශයෙන් ශ්රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 453ක් පමණි. ඒ අනුව ලකුණු 122ක් ඉදිරියෙන් සිටිමින් එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම ආරම්භ කළේය.
-------------------------------------------------------------------------------------
4.19 - P M ශ්රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ද මිට සුළු මොහොතකට පෙර ලෝඩ්ස් පිටියේදී ශතකයක් වාර්තා කිරීමට සමත් විය. ඔහුගේ ශතකය ශ්රී ලංකා ක්රීඩකයෙක් ලෝඩ්ස් පිටියේ වාර්තා කළ 9වැනි ශතකය වෙයි. එසේම ඔහු ලෝඩ්ස් පිටියේදී ශතකයක් ලැබූ 8වැනි ටෙස්ට් ක්රීඩකයාද වෙයි. මහේල ජයවර්ධන ලෝඩ්ස් පිටියේදී අවස්ථා දෙකකදී ටෙසට් ශතක රැස් කරගෙන තිබේ.
-----------------------------------------------------------------------------------------
3.40 - P M - සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන පළමු ටෙසට් තරගයේ සිව්වැනි දිනය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. ලෝඩ්ස් පිටියේ තවත් ශතකයක් හඹායමින් සිටින නායක ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට ලකුණු 89*ක් රැස්කරගෙන සිටියි.
ශ්රී ලංකා කණඩායම 426/7 (පන්දුවාර 127.2)
ලෝඩ්ස් පිටියේදී ශ්රී ලංකාව වෙනුවෙන් ටෙසට් ශතක ලැබූවන් මෙතනින් කියවන්න http://goo.gl/zEWFof
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

