අනුරාධපුර සමාජ ශාලා හිමිකරු ඝාතනයේ ප්රධාන සැකකරු වන එස්.එෆ්. ලොක්කා නොහොත් රණසිංහ ආරච්චිලාගේ ඉරෝන් රණසිංහ නමැත්තා අද (03දා) අනුරාධුපර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළඹෙන 09 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත්, අතිරේක දිසා විනිසුරු උමේෂ් ශානක කලංසූරිය මහතා නියෝග කළේය.
මෙම ඝාතන සිද්ධියේදී ටිපර් රථයේ රියදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයාද අධිකරණයට ඉදිරිපත් කල අතර,ඔහුදඑදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්රාත්වරයා නියම කළේය.