ලීසිං වාරික නොගෙවීම නිසා සීසර්වරුන් අත්පත්කරගෙන කොළඹ ප්රදේශයට රැගෙන යමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් කොන්ත්රාත්ත්රවක්මත පැහැරගත් බව කියන ඉරෝන් රණසිංහ (එස්.එෆ්. ලොක්කා) විදේශීය නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සමග අනුරාධපුර පොලීසිය මගින් අද (26දා) අත්අඩංගුවට ගත්තේය.
සැකකාර එස්.එෆ්.ලොක්කා ඔහුට අයත් පැති වීදුරු අඳුරු කරන ලද සුදු පැහැති වෑන් රථයෙන් ගමන් කරන බවට ලැබුණු තොරතුරක්මත වහාම ක්රියාත්මකවූ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එම්.එස්.කුමාරසේන යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ වෑන් රථය පසුපස හඹාගොස් අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබූහ.සැකකරු පලායාමට උත්සාහ කලහැකි නිසා ඒ අවස්ථාවේම ඔහුගේ දෑතට විලංගු දැමීමට පොලීසිය කටයුතු කළේය.
අත්අඩංගුවටගත් වෑන් රථය දැඩි සෝදිසියට ලක්කළ අවස්ථාවේ යුද හමුදාව හා ත්රස්තවාදීන් යුද සමයේදී භාවිතකළ විදේශීය ජීව අත්බෝම්බයක් සූක්ෂ්මව රථයතුළ සඟවා තිබියදී පොලීසිය විසින් සොයාගනු ලැබීය.මොහු කිසියම් අපරාධයක් සඳහා යමින් සිටි බවට පොලීසිය සැකපහළ කරන අතර, තවත් අවි ආයුධ තිබේදැයි යන්න අනාවරණය කරගැනීමට පොලිසිය පරික්ෂණ සිදුකරයි.