ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යොදාගෙන සිදුකිරීමට යන්නේ කුමක්ද යන්න වහාම රටට හෙළිකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා සරත් ෆොන්සේකා මහතා යොදාගැනීමට හා වෙනත් කටයුතු කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ජනතා ගැටලුවලට විසඳුම් ලබානොදී තම ගැටලු විසඳන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කරන ජනතාව මර්දනය කිරීමට කටයුතු කළහොත් එය පරාජයට පත්කිරීමට පුළුල් ජනතා බලවේගයක් ගොඩනගන බවද හෙතෙම පවසා සිටියේය.
වත්මන් ආණ්ඩුවට ජනවරමක් ලැබී තිබෙන්නේ යහපාලනය, ප්රජාතන්ත්රවාදය ඇතිකිරීමට බවත්, මේ නිසා ආණ්ඩුවට ලැබුණු ජනවරම ගැන සිතා කටයුතු කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.