PC පොලිස් බැඳුම්කර මත නිදහස්
විවාහක කාන්තාවක් බලහත්කාරයෙන් ත්රීරෝද රථයකින් රැගෙන යාමට තැත්කල බව කියන කෑගල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් ලක්ෂ දෙකක පොලිස් බැදුම් කරයක් මත මුදා හැරීමට කෑගල්ල වැඩ බලන මහේස්ත්රාත්වරයා ඊයේ (18දා) නියෝග කළේය.
උදුගොඩ,උඩ යටිදෑරිය ප්රදේශයේ පදංචි සමන් පුෂ්ප කුමාර නැමති කොස්තාපල්වරයා පෙරේදා (17දා) රාජකාරී කටයුතු සදහා ත්රීරෝද රථයෙන් යමින් සිටිය දී අලුයම පහට පමණ කෑගල්ල ,බුලත්කොහුපිටිය මාර්ගයේ දහය කණුව ප්රදේශයේ මෙම කාන්තාව පේරාදෙණිය රෝහලේ සේවයට යාම සදහා මාර්ගයේ සිටිය දී ත්රීරෝද රථයට බලගත්කාරයෙන් නංවා ගැනීමට උත්සහා කර ඇත.
අසළ සිටි වෙනත් පොලිස් ස්ථානයක සේවය කරන නිළධාරියෙකු විසින් මෙම කටයුත්ත වළක්වා තිබෙන අතර පසුව කාන්තාව මේ පිළිබඳව බුලත්කොහුපිටිය පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ. සැකකාර පොලිස් කොස්තාපල්වරයා එදිනම අත්අඩංගුවට ගෙන තිබේ.
ආර්.නරසිංහ - බුලත්කොහුපිටිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

