IS ඉස්ලාම් රාජ්‍යයට එරෙහි බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාර ආරම්භ වී ඇති අතර, මෙම ප්‍රහාර යම් කාලයක් එල්ල කිරීමට සිදුවනු ඇති බවද බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩි කැමරන් අවධාරණය කර තිබේ.
සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය වෙත ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් එරට බහුතර පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමත් සමග මෙම ගුවන් ප්‍රහාර ආරම්භ වී තිබේ.
බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වාදෙන පරිදි අද දිනයේදී සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය ඉලක්ක 6ක් වෙත සාර්ථක ප්‍රහාර මාලාවක් දියත් කර ඇත.
කෙසේ වෙතත්, සිරියාව තුළ සිදුකරන ගුවන් ප්‍රහාර යම්කිසි ඉවසීමකින් සිදුකළ යුතු බවද අගමැති කැමරන් අවධාරණය කර තිබේ.