ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදී නායක අබු බකර් අල්-බඝ්ඩාඩි සිය ප්‍රථම වීඩියෝව මාධ්‍යයට ඉදිරිපත් කරමින් සියලුම මුස්ලිම් ප්‍රජාවට තමාට අවනත වන මෙන් පවසා ඇති බව බී.බී.සී.ය පවසයි.
මෙම ජිහාඩ් සංවිධානය මගින් ඔවුන් ඉරාකය හා සිරියාවේ තම පාලනය යටතේ පවතින කොටස් එකතු කර සෑදූ මුස්ලිම් රාජ්‍යය යැයි කියා ගන්නා ප්‍රදේශයේ කලීෆ් වරයෙකු හෙවත් අරාබි නායකයෙකු ලෙස බග්ඩාඩි මේ වනවිටත් පත්කර තිබේ.
එම වීඩියෝවේ දැක්වෙන පරදි පසුගිය සිකුරාදා උතුරුදිග බැග්ඩෑඩයේ අල්-නොවුරි මුස්ලිම් දේවස්ථනයේ දේව මෙහෙයක් පවත්වමින් ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇති බව බී.බී.සී.ය වැඩිදුරටත් පවත්වයි.
ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරයකින් ඔහු මියගිය බවට පසුගිය ඊයේ පැතිරගිය කතාවත් සමග ජිහාඩ් සංවිධානය විසින් මෙම වීඩියෝව මාධ්‍යයට ඉදිරිපත් කර තිබුනේ ඔහු තවමත් ජීවතුන් අතර සිටින බව පෙන්වීමට විය හැකි බවද කියැවෙයි.
නමුත්, එම ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩි තොරතුරක් මේ වනවිටත් හෙළිවී නොමැත.
සිය ආගමික දේශනය මගින් මුස්ලිම් රාජ්‍යයේ බිහිවීම ගැන මහත් ඉහළින් කතා කිරීමටද ඔහු කටයුතු කර ඇති බව බී.බී.සී.ය පවසයි.
විශේෂඥ මතයට අනුව මෙම ජිහාඩ් නායකයා මීට පෙර වීඩියෝවක් හෝ ඡායාරූපයක් මගින් තම අනන්‍යතාව හෙළි නොකළ තැනැත්තෙකු බව කියැවෙයි.