ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව (HNDA) පාඨමාලාව හදාරන සිසුන් අද (05දා) විරෝධතා පා ගමනකද නිරත විය. පවතින ගැටලූ සම්බන්ධයෙන් ශිෂ්‍ය නියෝජිතයින් සහ ජනාධිපති අතිරේක ලේකම් එස්.ටී කොඩිකාර මහතා අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුනි.
