අන්තර් උසස් ගණකාධිකරණ ඩිප්ලෝමාවට උපාධි සමානතාවය ඉල්ලා සිදුකළ උද්ඝෝෂණයට පොලීසිය පහරදීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම පැවැත්වූ පරීක්ෂණවලට අනුව ගන්නා ක්රියාමාර්ග පිළිබඳව ලබන 26 වැනිදා ප්රකාශයට පත් කරන බව ජාතික පොලිස් කොමිසම සඳහන් කරයි.
පසුගිය 29 වැනිදා සිදුවූ මෙම පහරදීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විසින් පත්කළ ත්රිපුද්ගල කමිටු වාර්තාව අද (19දා) ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් 07 දෙනා විසින් විමර්ශනය කරනු ලැබිණි.
මේ අනුව ත්රිපුද්ගල කමිටු වාර්තාට අනුව පොලීසිය වරදක් කර තිබේ නම් ඊට එරෙහිව ගන්නා ක්රියාමාර්ග පිළිබඳව ලබන 26 වැනිදා තීරණයකට එළඹෙන බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේය.