රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කළ වැඩවර්ජනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවක් නොතිබුණු බවත්, එම සංගමයේ අවශ්‍යතාව මත ජනාධිපතිවරයා සාකච්ඡාවක් පැවැත්වූ බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
එසේම ජනාධිපති කාර්යාලයේ සිටිනිලධාරීන්ට බලපෑම් කරමින්වේලාව ලබාගත් බවත්, එය නිල නොවන හමුවක් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත් අමාත්‍යවරයා අද (26දා) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.
“ජනාධිපතිවරයාගේ සාකච්ඡාවෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබිණි. නමුත් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් විසින් නිවේදනය නිකුත් කර ඇත්තේ ඊයේ (25දා) දිනය. රජයේ ස්ථාවරත්වය නිල නිවේදනය මගින් නිකුත් කර ඇත. රජයේ ස්ථාවරය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව කැබිනට් පත්‍රිකාවක් මගින් හෙට (27) දින කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාකච්ඡාවට කලින් නිකුත් කර තිබූ රජයේ ප්‍රතිපත්ති සහ ස්ථාවරත්වය නොදැක සිටීම පුදුමයට කරුණකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ අවස්ථාවේදී බලහත්කාරයෙන් සාකච්ඡාවක් ලබාගෙන වාර්ෂික සැසිවාරයේදී තම සාමාජිකයන්ගෙන් එල්ලවන විවේචනවලට ගැලවිජ්ජාවක් සිදු කර ඇති බව පැහැදිලි වේ. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීම් ලබාගත් බව ප්‍රකාශ කරමින්, බොරු කියමින් සිය සාමාජිකයන් අපහසුතාවට පත් කළ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එම බොරුව හෙළි වූ පසු එය මගේ පිට පැටවීමට උත්සාහ කරයි.
ජනාධිපතිවරයාගේ නිල නිවේදනය වෙනස් කිරීමට මට හැකිද? මා සෞඛ්‍ය ඇමතිවරයාපමණකි. මා ජනාධිපති නොවේ. නමුත් ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමේදී ජනාධිපතිවරයා මා සමග සාකච්ඡා කළේට. රජයේ තීන්දු නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශපාලන පරමාර්ථ ඉටු කරගැනීම සඳහාකුඩා ළමුන්මෙන් හැසිරෙයි.”