ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස තවදුරටත් කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගෙන් කළ ඉල්ලීම මහාචාර්යවරයා විසින් ඉවත දමා ඇත. ඔහු පවසා ඇත්තේ එම තනතුරේ කටයුතු කිරිමට තරම් සෞඛ්‍ය තත්ත්වයක් තමන්ට නොමැති බවයි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (10දා) මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හමුවිය. එසේම තමා නිසා රෝගීන් පීඩාවට පත්කරමින් වර්ජනයක් නොකරන්නැයිද මහාචාර්යවරයා මෙහිදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දන්වා තිබේ.
තමා වෛද්‍ය සභාවේ නොමැති වුවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහාය දක්වන බව මහාචාර්යවරයා මෙහිදී පවසා තිබේ. වසර 5ක් හා මාස 6ක කායලක් වෛද්‍ය සභාවේ සභාපති ලෙස කාලෝ ෆොන්සේකා මහතා කටයුතු කළේය.