මුල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) ස්ථාපිත කළ කැබිනට් අනුකමිටුව අහෝසි කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.කැබිනට් අනු කමිටුව වසරක සිට රැස්ව නොමැති බැවින් දූෂණ පැමිණිලි ලේකම් කාර්යාලය හැර, අනු කමිටුව අහෝසි කිරීමට කටයුතු කරන බව අගමැතිවරයා ප්‍රකාශ කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ ප්රශ්නය මතු කළේය.
කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව කැබිනට් අනුකමිටුවක් පිහිටු වූ බවත්, ඒ හරහා පිහිටු වූ මූල්‍ය අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබාදෙන්නේ අගමැතිවරයා බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.