Facebook නියෝජ්‍ය සභාපති අත්අඩංගුවට
Facebook නියෝජ්‍ය සභාපතිවරයා (ලතින් ඇමෙරිකානු කලාපයේ) බ්‍රසීල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ අපරාධ නඩුවකට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා අවශ්‍ය දත්ත ලබාදෙන ලෙස අධිකරණය කළ ඉල්ලීමක් අවස්ථා කිහිපයකදීම මගහැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට පත්ව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
එහිදී, Facebook සමාගමට අයත්, WhatsApp පණිවුඩ සේවාවට අදාළ දත්ත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ආර්ජන්ටිනා ජාතිකයෙකු වන ඩියේගෝ සෝඩෑන් නමැති ෆේස්බුක් උප සභාපතිවරයා අත්අඩංගුවට පත්ව ඇත.
මේ සම්බන්ධයේන ප්‍රකාශයක් නිකුත් කර ඇති ෆේස්බුක් සමාගම පවසන්නේ, ඩියේගෝ අත්අඩංගුවට ගැනීම අන්තවාදී හා ප්‍රමාණුකූල නොවන තීන්දුවක් බවයි.
බ්‍රසීලයේ සාඕපෝලෝ නුවර විශේෂ කලාපයක පිහිටි සිය නිවසේ සිටියදී අඟහරුවාදා උදෑසන ඔහු අත්අඩංගුවට පත්ව ඇති අතර, ඊසානදිග බ්‍රසීලයේ සර්ජීපේ ප්‍රාන්ත අධිකරණයක් විසින් මෙම අත්අඩංගුවට ගැනීමේ නියෝගය ලබාදී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

