ජනතාවගේ ශරීර සෞඛ්‍යයට අහිතකර අයුරින් අපද්‍රව්‍ය බැහැර කරන දෙහිවල සත්ත්ව උද්‍යානයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා දෙහිවල ගල්කිස්ස නගරාධිපති ස්ටැන්ලි ඩයස් මහතාට උපදෙස් ලබාදී තිබේ.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන්නේ අද (14දා) උදෑසන දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති දෙහිවල ගල්කිස්ස ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී දෙහිවල නාගරික මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් කළ ගැටලුවකදීය.
දෙහිවල සත්ත්වෝද්‍යානයේ සියලුම අපද්‍රව්‍ය බැහැර කිරීමේදී කානු හරහා ගලා යන නිසා දෙහිවල සත්ත්වෝද්‍යානය අවට සිටින ජනතාවගේ ශරීර සෞඛ්‍යයට හානි සිදුවන බැවින් සති දෙකක් ඇතුළත එම ගැටළුවට නිසි පියවර නොගතහොත් දෙහිවල සත්ත්වෝද්‍යානයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යවරයා දෙහිවල ගල්කිස්ස නගරාධිපති ස්ටැන්ලි ඩයස් මහතාට උපදෙස් ලබා දුන්නේය.
අපද්‍රව්‍ය බැහැර කිරීමේදී අනුගමනය කළ යුතු නෛතික රාමුවට පිටතින් යන ඕනෑම රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට මැළි නොවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.