සම්පූර්ණ මුහුණු ආවරණය සහිත හෙල්මට් මාර්තු 21 දා සිට භාවිතය තහනම් කරමින් පනවා තිබූ නියෝගය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබේ.
මේ අනුව සම්පූර්ණ මුහුණ ආවරණ සහිත හිස්වැසුම් භාවිතා කළ හැකි බව මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කළේය.