තවත් පිල් මාරුවකට සූදානම් බව කියන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ෆයිසර් මුස්තාපා සිංගප්පූරුවේ කළ පෞද්ගලික සංචාරයකින් පසුව නැවතත් අද (29දා) දිවයිනට පැමිණියේය.
එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ. 347 දරණ ගුවන් යානයෙන් ඔහු අද අළුයම 01.40 ට පමණ දිවයිනට පැමිණියේය.
ෆයිසර් මුස්තාපා සමග ඔහුගේ පියාද සිංගප්පූරුව බලා ගිය බව වාර්තා විය.