ශ්‍රී ලංකාව තුළ හෙරොයින් ඇතුළු වෙනත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 17,457 දෙනෙකු සිටින බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව සිදුකළ සංගණනයකින් මෙම සංඛ්‍යාව වාර්තා වන බවත්, සෞඛ්‍ය අමත්‍යාංශයට ලංකාවම ආවරණය වන පරිදි සංගණනයක් සිදුකළ නොහැකි බවත් ඇමතිවරයා සඳහන් කළේය. මෙම පුද්ගලයන් අතරින් එච්.අයි.වී. ආසාදිතයන් 13 දෙනෙකු සිටින බවද ඒ මහතා කියා සිටියේය.