“කන්දක් විළි ලා මී පැටියෙක් වැදුවා වගේ මැතිවරණ ප්‍රතිඵලයෙන් හිරිවැටිලා තිබුණ ආණ්ඩුව, කළ යුත්තේ මොකක්ද කියා නිනව්වක් නැතිව හිටපු ආණ්ඩුව ඊයේ සිදු කළ ඇමති මණ්ඩල සංශෝධනය මහා විකට සංශෝධනයක්ʼʼ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව අදහස් පළ කිරීමට අද (26දා) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ වීරවංශ මහතා,
ʻʻඇමති මණ්ඩල සංශෝධනය අනුව රටේ ජනතාව බඩ අල්ලන් හිනා වෙනවද එහෙම නැත්නම් වෙන මොකක් හරි කරනවද කියලා හිතා ගන්න බැරි තත්ත්වයක ඉන්නවා.
මැතිවරණයට පෙර ජනාධිපතිවරයා හොරු අල්ලන්න ශක්තිය දෙන්න කියලා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියා. බලයට ඇවිල්ලා දින 20ක් ඇතුළත එක්සත් ජාතික පක්ෂය හොරකම් කරන්න පටන් ගත්තා කියලා කියන්න පටන් ගත්තා.
මහ බැංකු බැඳුම්කර හොරුත් සමග ආණ්ඩුව කරන්න බෑ කියලා කිව්වා. එහෙම කියලා සියයට 3ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්ත ජනාධිපතිවරයා මහ බැංකු කොල්ලයේ මහ මොළකරුට පොලීසිය බාර දුන්නා ඇමති මණ්ඩල සංශෝධනයේදී. හරියට ඒක හොරා කාපු බළලෙකුට උම්බලකඩ පොල්ලකින් ගහනවා වගේ වැඩක්.ඒකත් කකා තමයි ඊට පස්සේ ඌ දුවන්නේ.” යැයි ද පවසා සිටියේය.