ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා පත් කර ඇතැයි වාර්තා වේ.
ධිවර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරියේ අද (22දා) හේමාල් ගුණසේකර මහතා සිය ධුරයේ වැඩ බාරගෙන ඇත.
මීට පෙර ඔහු නිවාස හා ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දින සියයේ ආණ්ඩුව යටතේ කටයුතු කර ඇති අතර සමුපකාර හා අභ්‍යන්තර වෙළෙද කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබේ .