පාකිස්තානයේ කරච්චි නුවර සිට ඇඹරුම් යන්ත්ර තුළ සඟවා මෙරටට ගෙන එන ලද හෙරොයින් කිලෝ ග්රෑම් 100ක් සොයාගැනීමට රේගු නිලධාරීන් සමත්වී තිබේ. ඔරුගොඩවත්ත කන්ටේනර් ගබඩා සංකීර්ණයේදී අද (21දා) මෙම හොරොයින් තොගය සොයාගෙන තිබේ.
සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 77ක් වන බව ගණන් බලා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.