හෙට දිනයේ සිට දිවයිනට බලපා තිබෙන වියළි කාලගුණයේ වෙනසක ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඒ අනුව උතුරුමැද, නැගෙනහිර, උෟව, බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්වලට වැසි ඇතිවීමේ හැකියාවක් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව කියයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය
හෙට දිනයේ දිවයිනේ පවතින වියලි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක්, විශේෂයෙන් නැගෙනහිර කොටසට, බලාපොරොත්තුවේ. දිවයිනේ උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත් වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වේ. සවස 4.00 න් පසුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල උදෑසන කාලයේ මීදුම් තත්වයක් ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය
හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත්‍රීකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල වැසි වාර කිහිපයක් ඇතිවේ. සවස 4.00 න් පසුව කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.
සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ. කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.