අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අවසන් දිනය වන හෙට (08දා) දිනයේදී විභාග මධ්‍යස්ථාන තුළ කලහකාරී ලෙස හැසිරෙන අපේක්ෂකයන්ට එරෙහිව විභාග පනතට අනුව නීතිය මගින් කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යස්ථාන පිටතදී සිදුකරන කලහකාරී ක්‍රියාවලට එරෙහිව කටයුතු කරන ලෙසට පොලිස් මූලස්ථානයෙන් ඉල්ලීමක් කර තිබෙන බවත්, ඒ අනුව මධ්‍යස්ථානයෙන් පිටතදී කලහකාරී ලෙස හැසිරෙන අපේක්ෂකයන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් විභාග කොමසාරිස් ඩබිලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මධ්‍යස්ථාන තුළ කලහකාරී ලෙස හැසිරෙන්නන් පිළිබඳව සියලුම වාර්තා විභාග දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙසට විභාග මධ්‍යස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදුන් බවද ඔහු පවසා සිටියේය.
මධ්‍යස්ථාන තුළදී කලහකාරී ලෙස හැසිරුණහොත් විභාග ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවීම දක්වා දඬුවම් ලැබිය හැකි බවත්, මෙවැනි තීරණයක් ගනු ලැබුවේ දිගින් දිගටම විභාග අවසන් දිනවල යම් යම් ශිෂ්‍යයන් කලහකාරී ලෙස හැසිරීම පිළිබඳව වාර්තා වීම නිසා බවත් විභාග කොමසාරිස්වරස්වරයා සඳහන් කළේය.