සැප්තැම්බර් මස පළමු වනදා සිට ප්රමිති ලාංඡනය නොමැති ආරක්ෂක හිස් වැසුම් අලෙවි කරන්නන් සොයා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි. මාර්ග අනතුරු පිළිබඳ සමීක්ෂණ වාර්තාවන්ට අනුව යතුරුපැදි අනතුරු වැඩි වශයෙන් වාර්තා වී ඇති අතර නිසි ප්රමිතියෙන් තොර හිස් වැසුම් භාවිතයද ඊට හේතුවක් වී ඇති බව අධිකාරිය සඳහන් කරයි. යතුරුපැදිකරුවන් භාවිත කරන ආරක්ෂිත හිස් වැසුම් සඳහා ශ්රී ලංකා ප්රමිති ලංඡනය වන එස්.එල්.එස් 517 ලාංඡනය අනිවාර්ය කරමින් ගැසට් පත්රයක් නිකුත් කර ඇති අතර එය ලබන මස පළමු වනදා සිට බලාත්මක වන බව එම අධිකාරිය පෙන්වා දෙයි.