ලෝකඩවලින් තැනූ හින්දු දේව ප්‍රතිමා 21 ක් සමග ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත් වී තිබේ. මසෝංග් ජයෙන්ද්‍ර නැමැති එම ශ්‍රී ලාංකිකයා කුම්බාකෝනම් සිට චෙන්නායි බලා මෝටර් රථයකින් ගමන්කරමින් සිටියදී ඔහුගේ මෝටර් රථය පරීක්ෂා කළ ආරක්ෂක නිලධාරීන් විසින් මෙම ලෝකඩ දේව ප්‍රතිමා සොයාගෙන තිබෙන බව ‘බිස්නස් ස්ටෑන්ඩර්ඩ්’ පුවත් සේවය සඳහන් කළේය.
මෙම පිළිම සඳහා නීත්‍යනුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකිවීම හේතුවෙන් එම පිළිම ආරක්ෂක අංශ යටතට ගැනීමට කටයුතු කර තිබේ.