ශ්රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ප්රියත් බන්දු වික්රම හා තවත් දෙදෙනෙකුට එරෙහිව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කටයුතු කර තිබේ.
වරාය අධිකාරියේ සේවකයන් 319ක් දේශපාලන කටයුතු වලට යොදවා ඒ වෙනුවෙන් වරාය අධිකාරියෙන් රුපියල් ලක්ෂ 650ක මුදලක් ගෙවීමට කටයුතු කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.