රාජපක්ෂවරුන්ට හිතවත් හමුදාවේ පිරිස් සිටින බවට ප්‍රචාර දියත් කළද රාජපක්ෂවරුන්ට හිතවත් හමුදාවේ අය නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉලක්කය වී තිබෙන්නේ හිටපු ජනාධිපතිවරයාට බවත්, ඒ පිළිබඳව බුද්ධි අංශ වාර්තාද තහවුරු කර තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
යුද්ධයක් නොමැති නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තර්ජනයක් නොමැති බවට සඳහන් කළත්, අවශ්‍ය වන්නේ තර්ජනයට අදාළ සාධක පවතිනවාද යන්න බවත්, එවැනි සාධක තවමත් හිටපු ජනාධිපතිවරයාට පවතින බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.