ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී හිටපු අමාත්‍ය ලේකම්වරුන්ගේ සංගමයේ සහාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදෙන බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.
අද (24) දහවල් එම සංගමය සමඟ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව වූ එකඟත්වයට පැමිණි බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
තම අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාවට පැමිණි හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් වැදගත් අදහස් පළකළ බවත්, ඉදිරි දින කිහිපයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමෙන් අනතුරුව මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කළ බවත් ඇමතිවරයා සඳහන් කළේය.
හිටපු දිසාපතිවරුන්, නීතීඥයන්ගෙන් සමන්විත මෙම සංගමය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ගම්බද ඡන්ද පදනම වැඩිකිරීමේ කටයුතුවලට දායක වනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.