හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එළැඹෙන ජනපතිවරණයේදී සිය සහාය පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට ලබාදීමට තීරණය කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනපතිවරණ කාල සීමාවේදී පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ නීතිමය කටයුතු මෙහෙයවීම සඳහා ඇය ප්රමුඛ කාර්යය භාරයක් ඉටුකරනු ඇතැයි සඳහන් වෙයි.
කෙසේවෙතත් ඇය දේශපාලන වේදිකාවට ගොඩවිම පිළිබඳව තවමත් නිශ්චිත තිරණයක් ගෙන නැත.