හික්කඩුව මුහුදු තීරයේ දියනාමින් සිටි ජර්මන් ජාතිකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
වසය අවුරුදු 74ක් වන Berns Karldietr Friedrich Matias නැමැති පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
ඊයේ (26දා) පස්වරුවේදී මෙම ජර්මන් ජාතිකයාගේ සිරුර ජලයේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ. මොහු 2004 වර්ෂයේ සිට ශ්රී ලංකාවේ කාන්තාවන් හා විවාහ වී මෙරට පදිංචිව සිට ඇති බවත් පොලිස් මූලස්ථානය තවදුරටත් සඳහන් කරයි.