තම ටෙස්ට් ක්‍රීඩා දිවිය සාර්ථක කර ගැනීමට සෑම අයුරකින්ම උපකාර කළ සෑම දෙනෙකුටම ස්තූතිවන්ත වන බව මහේල ජයවර්ධන සිය සමුගැන්ම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව පැවැසීය.
එසේම ඉදිරියේදී වෙනත් ආකාරයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා කටයුතු කරන බවත් ඒ පිළිබඳව සැලැස්මකින් කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
අසාධාරණයක් සිදුවුවහොත් ඒ සඳහා නැගී සිටින බවත් දේශපාලනයට හෝ පුහුණුකරුවෙකු වීමට තරම් තමන්ට ඉවසීමක් නොමැති බවත් මහේල වැඩිදුරටත් පැවැසීය.