යුද හමුදාවේ වීර විභූෂණ ගෞරව නාමයෙන් පිදුම් ලැබූ හසලක ගාමිණී කුලරත්න රණවිරුවා දිවි දුන් අලිමංකඩ ආධාර එකතු කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බව වාර්තා වේ.
එම ස්ථානයේ මල් කළඹ, සංයුක්ත තැටි විකිණීම මෙන්ම පිංපෙට්ටි 02 ක් ද තබා ඇති අයුරු දක්නට ලැබේ.
මෙය වීර රණවිරුවෙකු වූ සහලක ගාමිණීගේ නම භාවිත කරමින් කෙරෙන මුදල් වංචාවක්දැයි ප්‍රදේශවාසීහු සැක පළකරති.