හලාවත දුම්රිය මාර්ගයේ සීදුව සහ කටුනායක අතර දුම්රිය ධාවන කටයුතු ඊයේ (05දා) රාත්‍රී 9.30 සිට අද (06දා) පස්වරු 4.30 දක්වා තාවකාලිකව නවතා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.
දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව කොළඹ කොටුව සිට හලාවත දුම්රිය මාර්ගයේ ගමන් කිරීමට නියමිත දුම්රිය සීදූව දක්වා පමණක් ගමන් ගන්නා අතර හලාවත සිට පැමිණෙන දුම්රිය මීගමුව දුම්රිය ස්ථානය දක්වා පමණක් ගමන් ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.
අද අලුයම 4.00ට කොළඹ සිට පුත්තලම බලා ධාවනය වූ දුම්රිය සීදූව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වූ අතර උදෑසන 07.40ට පුත්තලම බලා ධාවනය වීමට නියමිත වූ දුම්රිය අවලංගු කොට ඇති බවද පැවසුණි.
අද උදෑසන 09.30ට හලාවත සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රිය මීගමුව දක්වා පමණක් ධාවනය කෙරෙන බවද පැවසුණි.