ඌව පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදෙන ලෙසට පක්ෂයෙන් කළ ඉල්ලීමට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබී තිබෙන බවත්, මේ නිසා පක්ෂයේ තීරණය ලැබුණු වහාම පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මැතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදෙන ලෙසට පක්ෂයෙන් ඉල්ලා සිටි ඉල්ලීමට අනුව එහි ස්ථිරභාවය මේ වනවිට 99% ක් බවත්, මේ අනුව මේ මස 18 වැනිදා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ තීරණයට අනුව තමන්ට එම අවස්ථාව හිමිවිය හැකි බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය.
පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදෙන බවට අවසන් තීරණය තමන්ට දැනුම් දුන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙන බවද හරීන් ප්‍රානාන්දු මන්ත්‍රීවරයා සඳහන් කළේය.