හම්බන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙකු අත්අංගුවට ගැනීමෙන් පසුව අතුරුදන්වීම ගැන දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ පරික්ෂණයක් පවත්වන බව පොලීසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සොරකමක් සම්බන්ධයෙන් පසුගිය 05 දා තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 06දා ඇප මත නිදහස් කර ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයෙකු මෙසේ අතුරුදන්ව තිබේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාළව හම්බන්තොට පොලීසියේ ස්ථානාධිපති ඇතුළු 05 දෙනෙකුට තාවකාලිකව ස්ථානමාරුවීම් ලබා දී ඇති බවද පොලීසිය පවසයි.