හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාගමට බදු දීමට අදාළ අනුග්රාහක ගිවිසුම අද (10දා) ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මෙම ගිවිසුමට වරාය අධිකාරිය, රජය, චයිනා මර්චන්ට් සමාගම හා ආරම්භ කිරීමට නියමිත සමාගම් දෙකක් පසුගියදා අත්සන් තැබීය. එම ගිවිසුමේ වගන්ති ඕනෑම අවස්ථාවක වෙනස් කිරීමට හැකි බවද ගිවිසුමේ සඳහන් කර තිබේ.